ආගමයි දේශපාලනයයි වෙන් කළ යුතු බව කියන කවියාගෙන් “ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය”

esathu

ආගමයි දේශපාලනයයි එකට පටලවා ගත්තොත් වැඩේ වරදිනවා කියලා හිතන අපේ රටේ සුලුතරය අතරේ ඉන්න කවියෙක් වන කපිල එම් ගමගේ “ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය” කියලා අලුතෙන් කවි පොතකුත් ලියලා.

සිංහල සාහිත්‍ය රසිකයන්ට අමුත්ත්තෙක් නොවන කපිල ගමගේ ලේඛකකයෙක් වගේම ජන සන්නිවේදන ආචාර්ය වරයෙක් විදිහ්ටත් නමක් දිනා ගෙන ඉන්න කෙනෙක්. කපිල ලියපු පොත් අතරින් “අපරාදෙ ඒ නොවැම්බර්”කෙටි කතා සංග්‍රගය 2019 සාහිත්‍ය සම්මාන කීපයක් සඳහා එක වර නිර්දේශ වී තිබීමත් විශේෂත්වයක්.

මෙවර Wall එක සඳහා අපි තෝරා ගත්තේ “ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය”කවි පොතේ එන ඒ නමින් යුතු කවි පන්තිය. කපිල මේ පොත හඳුන්වලා තියෙන්නේ “ජීවිතය දෙස කුරුළු ඇසකින් බැලීම”කියලා.

ඒත්,ආගමයි දේශපාලනයයි කියන්නේ ලනුවයි කනුවයි වගේ කියලා හිතන සමාජයකට මොකක්ද මේ කපිල දෙන්න හදන අමුතු “පෙම් පණිවිඩය” කියවලාම බලමු, එහෙනම්

ඇසතු ගහ යට පහර කෑ ප්‍රේමය

ගිනි තිබ්බ පොළොව මත
පුදුම සිසිලක් ඇසතු ගස යට
කාක වංශයෙන් ඉපදුනද
සුදුයි ඒ සුසුදු සිසිලස

ප්‍රේමයේ සළුපිළි පැළඳ
ප්‍රේමයම නිබඳ පොළොවේ අතුරන
හදවතක හැඩය ගෙන
ලබ් ඩබ් හඬම නංවන

ළදළු පත්, ළදරු ප්‍රේමය
වැඩුනු පත්, යොවුන් ප්‍රේමය
මහළු පත්, වැඩිහිටියන්ව
බිම දැමූ ප්‍රේමයක් වැළඳගෙන

ඉතින් මා පිය හිතවත
ප්‍රේමයට ඇරුණු මේ බිම්කඩක
පෙම්වන්ත මිමිනුමක
වල්කමක් සොයන්නේ කොහොමද

කැට මුගුරු කඩු කිනිසි
බෝසත් ද, ඇසතු ගසයට බුදු වූ
පිටදී උන්නු අප දෙදෙන
ජුදාස් ද දෙව්දත් ද? කියනු

ඇය පටාචාරා,
කලින් ප්‍රේමය අහිමි කල
මම නන්ද
සොයාගත් වෙන්කරපු ප්‍රේමය

ඉතිං පොදු ප්‍රේමයෙන් සරු වූ
මේ පෙම්වන්ත අඩවිය
නොවෙද හොඳ යළිත් පැළවෙනු
පහරදෙනු වෙනුවට දරාගෙන
ඇසතු කොළ හදවතේ ප්‍රේමයම දකිමූ.

wall එක