ආගම මිනිසා යහපත් කරනු ඇතැයි යන පොදුවේ පිළිගැනෙන සත්‍යයකි. එහෙත්,ප්‍රායෝගික වශයෙන් බලන විට එය පූර්ණ සත්‍යයක් නොවේ. අප මෙසේ පවසනුයේ දවසේ, සතියේ, මාසයේ ආදී වශයෙන් ජීවිතයේ වැඩිම කාලයක් ආගමික ස්ථාන සහ පූජා චාරිත්‍ර ඇසුරේ රැඳෙන ගිහියන් සේම පැවිද්දන් තුළ පවා විශේෂ යහපතක් දක්නට නොලැබෙන බවට පොදු ජනතාව වෙතින් නිරතුරුව නැගෙන මැසිවිලි මධ්‍යයේ ය.එහි ප්‍රබල තර්කානුකූල පදනමක් ද නැත්තේ නොවේ. “කොයි වෙලාවේ බැලුවත් ඉන්නේ පන්සලේමයි. ඒත් හිතේ ඊර්ශ්‍යාව, කුඩුකේඩුකම පිරිලා ඉතිරිලා ගිහින්.” සමාජයේ විවිධ පුද්ගලයන් වෙතින් නැඟෙන මෙවන් අවලාද ඔබත් අසා නොමැති නම් එය මවිතයට කරුණකි. ‘පල්ලිය බෙල්ලේ බැඳගෙන වගේ තමයි ඉන්නේ නම්, ඒත් බැරිවෙලාවත් අසරණයකුට එක ඇල්වතුර වීදුරුවක්වත් දෙන්නේ නැහැ.” දැඩි ආගමික භක්තියක් පළ කරන ඇතැම් පුද්ගලයන් සම්බන්ධ එවන් දෝෂාරෝපණ ද නැගෙනු අපි බොහෝ විට අසා ඇත්තෙමු.
මෙයට හේතුව කුමක්ද? ඒ එක් එක් ආගමික ශාස්තෘන් වෙතින් හෝ ආගමික නියමයන් මඟින් මිනිසුන් යහ මඟට යැවීම පිණිස වන ප්‍රමාණවත් කරුණු අවධාරණය වී නොතිබීම ද? නො එසේ නම් ආගම් ඇදහීමෙන් මිනිසාට අයහපතක් මිස කිසිදු යහපතක් නොවන බවට සමාජයේ ඇතැමුන් දරන මතයේ සත්‍යතාව තහවුරු කිරීමක් ද? මෙය ඉතා සීරු මාරුවට විමසා බැලිය යුත්තකි.
පොදුවේ ගත් විට එසේ ආගමක දක්නට ඇති කොටස් හයෙන් මුල් හතරට වඩා පසුව සඳහන් කොටස් දෙකට ජනානන්දනීය බවක් හිමිව ඇති අයුරු දක්නට ලැබේ. ලොව සෑම ආගමකටම පාහේ මෙම තත්වය එක සේ පොදු වුවද නූතන සමාජයේ පැතිර පවත්නා ජනප්‍රිය බුද්ධාගම තුළ මෙම තත්වය අගතිගාමී ලෙසින් ඉස්මතු වී ඇති බව මැනැවින් නිරීක්ෂණය කළ හැක. ඒ සඳහා දැක්විය හැකි පහසු හා සරලම නිදසුනට අනුව අද වන විට ශ්‍රී ලාංකේය භික්ෂු සමාජ තුළින් ඉස්මතු වූ ජනකාන්ත හෙවත් “තරු” වශයෙන් හැඳින්විය හැකි භික්ෂුන් දක්නට ලැබීමත් ඔවුන් විසින් මූලික බුදු සමයෙන් කිසිදු අගැයුමක් නොලැබෙන මහා පරිමානයේ ආශීර්වාද පූජා, අධිෂ්ඨාන පූජා, කප් රුක් පූජා ආදී වශයෙන් වන බෞද්ධ ලේබලය සහිත හර සුන් ශාන්තිකර්ම සංවිධානය කිරීමත් දැක්විය හැක. එමෙන්ම මෙම යාන්ත්‍රණය තුළ අති විශාල ධනස්කන්ධයක් සංසරණය වන ව්‍යාපාර හා ජාවාරම් යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වන බව ප්‍රසිද්ධ රහසකි.
එහිදී අප මුලින්ම කළ යුත්තේ ආගම යනු කුමක්ද? යන්න නිවැරදිව වටහා ගැනීම ය.ආගම යනු කුමක්ද? යන මාතෘකාව සම්බන්ධයෙන් ලොව පුරා සමාජ හා මානව විද්‍යාඥයන් විවිධ අර්ථ නිරූපණ ඉදිරිපත් කොට තිබේ. ලොව පුරා විද්වතුන් ආගම සම්බන්ධයෙන් දැරූ අදහස් සියල්ල සම්පිණ්ඩනය වූ ග්‍රන්ථ රාශියක් ද ලොව එළි දැක්වී තිබේ. ඒ අතුරින් ඇතැමුන් ‘ආගම’යන සංකල්පය කොටස් වශයෙන් වෙන් කොට දක්වා තිබීම විශේෂත්වයකි. ඒ එකි’නෙක කොටස් වෙන් වශයෙන් විමසා බැලීම මෙම ප්‍රස්තූතය පහසු කරවන බව අපගේ වැටහීම ය.
පොදුවේ ගත් විට ඕනෑම ආගමක අඩු වැඩි වශයෙන් මතු දැක්වෙන කොටස් හය දක්නට ලැබේ. එනම් ශාස්තෲ දේශනාව හෝ මූලික ඉගැන්වීම, පසුකාලීනව එක් වූ මත,මූලික ඉගැන්වීම් වලින් පැවසෙන දර්ශනය, සදාචාර මාර්ගය, පූජා චාරිත්‍ර හෙවත් අභිචාර විධි සහ ශාන්ති කර්ම යනුවෙනි.
නමුත් ආගමක් තුළ පවත්නා ඉහත සඳහන් සංයුතිය ඒ ආකාරයෙන් ම කිසියම් ජන සමාජයක් තුළ ව්‍යාප්ත ව නැත. පොදුවේ ගත් විට එසේ ආගමක දක්නට ඇති කොටස් හයෙන් මුල් හතරට වඩා පසුව සඳහන් කොටස් දෙකට ජනානන්දනීය බවක් හිමිව ඇති අයුරු දක්නට ලැබේ. ලොව සෑම ආගමකටම පාහේ මෙම තත්වය එක සේ පොදු වුවද නූතන සමාජයේ පැතිර පවත්නා ජනප්‍රිය බුද්ධාගම තුළ මෙම තත්වය අගතිගාමී ලෙසින් ඉස්මතු වී ඇති බව මැනැවින් නිරීක්ෂණය කළ හැක. ඒ සඳහා දැක්විය හැකි පහසු හා සරලම නිදසුනට අනුව අද වන විට ශ්‍රී ලාංකේය භික්ෂු සමාජ තුළින් ඉස්මතු වූ ජනකාන්ත හෙවත් “තරු” වශයෙන් හැඳින්විය හැකි භික්ෂුන් දක්නට ලැබීමත් ඔවුන් විසින් මූලික බුදු සමයෙන් කිසිදු අගැයුමක් නොලැබෙන මහා පරිමානයේ ආශීර්වාද පූජා, අධිෂ්ඨාන පූජා, කප් රුක් පූජා ආදී වශයෙන් වන බෞද්ධ ලේබලය සහිත හර සුන් ශාන්තිකර්ම සංවිධානය කිරීමත් දැක්විය හැක. එමෙන්ම මෙම යාන්ත්‍රණය තුළ අති විශාල ධනස්කන්ධයක් සංසරණය වන ව්‍යාපාර හා ජාවාරම් යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වන බව ප්‍රසිද්ධ රහසකි. මේ අතර තවත් භික්ෂු පිරිසක් මූලික බුදු සමයෙන් ඉදිරිපත් කොට ඇති පරමාදර්ශ වලට විවිධ විපරීත අර්ථ කථන දෙමින් ආටෝපකාරී ලෙස තම ප්‍රතිරූපය ගොඩනංවා ගැනීමේ සට කපට උත්සාහයක යෙදෙති. අලුත්, නැවුම් කුළුඳුල් ආදී වදන් සහිත භාණ්ඩ හා සේවා කෙරෙහි පාරිභෝගික අවධානය වැඩිපුර යොමු වීම සුලබ සාමාන්‍ය තත්වයකි. එම න්‍යායට අනුව ජනකාන්ත ප්‍රතිරූප ගොඩනඟා ගත් ඇතැම් භික්ෂුන් ද මූලික බුදු සමයෙහි සඳහන් ඇතැම් කරුණු ස්වාධිපත්‍යයට ගනිමින් හා ඒවාට අත්තනෝමතික ආරෝපණ දෙමින් තමන් වටා අනුගාමික පිරිස් වඩා වර්ධනය කරගැනීමට යෙදෙන උත්සාහය ඒ සම්බන්ධයෙන් නිදහස් මනැසකින් විචාරශීලීව විමසන්නකු හට මැනැවින් පෙනෙනු ඇත. මූලධර්මවාදය යනුවෙන් ශාස්ත්‍රීය වශයෙන් විස්තර කළ හැකි මෙම තත්වය යටතේ මෙවන් භික්ෂුන් වෙනම අනුගාමික පිරිස් තමන් වටා ඒකරාශී කර ගැනීම් ශාස්ත්‍රීය වශයෙන් විස්තර කළ හැක්කේ ආගමික කල්ලි ලෙසිනි.
මෙලෙස නූතන බෞද්ධ සමාජයෙන් ඉතා සුළුතරයක් තමන් වෙත නම්මාගෙන හිඳින අතරේ ඔවුන් අනේක විධ පුද පූජා ලෙස හැඳින්වෙන අනේක විධ නිසරු වත් පිළිවෙත් වලට යොමු කරමින් ඔවුන්ගේ ඉන ඉහ අත ගා ගන්නා එක්තරා ජනානන්දනීය භික්ෂුවක විසින් සමස්ත බුදුදහම හෙවත් ත්‍රිපිටක ධර්මය තමන් විසින් සිංහලයට පරිවර්තනය කළ බවක් පවසමින් එය අන්තර්ජාලයට මුදා හැර තිබේ.එහෙත්,එක් පුද්ගල දැනුමක් කේන්ද්‍ර කොට එලෙස බුද්ධ වචනය වෙනත් බසකට පෙරලීමෙන් එහි දාර්ශනික අරුත කෙතෙක් සාර්ථක ලෙස සන්නිවේදනය කළ හැකිදැයි අප මෙහි දී සිතා බැලිය යුතු වේ.
“කුසල් වැඩීමෙන් මිස පින් කිරීමෙන් නිවන් යන්නට බැහැ” යන ගම්බද උපාසකම්මලා පවා දන්නා කරුණු අනුව ආර්යය මාර්ගය හා සබැඳි නෛර්යානික ප්‍රතිපදාව තුළ සඳහන් වනුයේ කුසලය මිස පින නොවේ. එම ඉගැන්වීම පවා මෙම භික්ෂුව ඉතා සාහසික ලෙස නොසලකා හැර තිබේ.ඊට අමතරව එහි එන ඇතැම් පරිවර්තන කොටස් ඉතා සරල ග්‍රාම්‍ය ව්‍යවහාරයෙන් නැතහොත් “ඔයා මෙයා බාසාවෙන්”යුතු බව ද පෙනෙයි. ජාතියක් වශයෙන් අප සතු වැදගත්ම හා ප්‍රධානතම ලේඛනය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ය.එහෙත්, එහි දැක්වෙන කරුණු වල ගැඹුරු බව සලකා කාටත් වැටහෙන සේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සරල කවියට හෝ විරිඳුවට නංවා ප්‍රචලිත කළහොත් කුමකින් කුමක් වේද?
බුදුන් විසින්ම ධර්මය තුළ පැවැතිය යුතු බව දෙසා වදාළ ගාම්භීරත්වය පවා සුනු විසුණු කොට ත්‍රිපිටක ධර්මය ළමා සාහිත්‍ය කෘතියක් බවට පත් කොට ඇති ඒ ත්‍රිපිටක සිංහල පරිවර්තන තුළ ඇති දෝෂ සහගත ස්ථාන සාමාන්‍ය විමසුමක දී පවා පහසුවෙන් දැන ගත හැක. එමෙන්ම එහි බුදුන් විසින් තම ශ්‍රාවකයන් සහ දායක කාරකාදීන් ‘පින්වත්’ යන වදන පෙරටු කොට ඇමතූ බව සඳහන් වෙතත් කිසිදු ත්‍රිපිටක මූලාශ්‍රයක එවැනි සඳහනක් නැත. ඒ හුදෙක් පින යනු බුදු සසුනට බැහැර පවා දක්නට ලැබෙන ලෞකිකත්වය හා සම්බන්ධ වූවක් බැවිනි. ඒ අනුව “කුසල් වැඩීමෙන් මිස පින් කිරීමෙන් නිවන් යන්නට බැහැ” යන ගම්බද උපාසකම්මලා පවා දන්නා කරුණු අනුව ආර්යය මාර්ගය හා සබැඳි නෛර්යානික ප්‍රතිපදාව තුළ සඳහන් වනුයේ කුසලය මිස පින නොවේ. එම ඉගැන්වීම පවා මෙම භික්ෂුව ඉතා සාහසික ලෙස නොසලකා හැර තිබේ.ඊට අමතරව එහි එන ඇතැම් පරිවර්තන කොටස් ඉතා සරල ග්‍රාම්‍ය ව්‍යවහාරයෙන් නැතහොත් “ඔයා මෙයා බාසාවෙන්”යුතු බව ද පෙනෙයි. ජාතියක් වශයෙන් අප සතු වැදගත්ම හා ප්‍රධානතම ලේඛනය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ය.එහෙත්, එහි දැක්වෙන කරුණු වල ගැඹුරු බව සලකා කාටත් වැටහෙන සේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සරල කවියට හෝ විරිඳුවට නංවා ප්‍රචලිත කළහොත් කුමකින් කුමක් වේද?අප හුදෙක් ලෞකිකත්වය පිළිබඳ මෙම සරල නිදසුන ඔබ වෙත ඉදිරිපත් කළේ බුදු දහමේ ඇති ගම්භීරතාව සරල වදන් මඟින් කෙසේ වත් ලඝු කළ නොහැකි බව පැවසීමට ය.
අනේක විධ සදාචාර විරෝධී කරන්නවුන් ඉන් සිත තුළින් පැන නඟින වරදකාරී හැඟීම් යටපත් කර ගැනීම පිණිස ද තවත් පිරිසක් තම සැබෑ අසත් පුරුෂ භාවය යටපත් කොට ව්‍යාජ සත් පුරුෂ භාවයක් සමාජය හමුවේ මවා පෑම පිණිස ද ආගම් වලම එල්ලී හිඳීමට මාන බලති.අප විශ්වාස කරන අන්දමට බොහෝ දේශපාලනඥයන් ගේ ආගම් ඇදහීම් මෙම ගණයේ ලා දැක්විය හැක. නමුත් ඒ අරමුණු උදෙසා ආගම් වල එල්ලීම එම තැනැත්තාට තිරසාර විසඳුමක් ලැබීමට හෝ සමාජයේ සදාචාර ප්‍රවර්ධනයට හේතු නොවන බව කිව යුතු ය.ඒ එම අරමුණ ශාක්ෂාත් කර ගැනීම පිණිස ශාස්තෲ දේශනාව හෝ මූලික ඉගැන්වීම, පසුකාලීන මත,මූලික ඉගැන්වීම් වලින් පැවසෙන දර්ශනය, සදාචාර මාර්ගය යන ආගමකට අයත් මූලික අංග වෙත මිනිසා අනිවාර්යෙයෙන් යොමු විය යුතුම ය.
නිති පන්සිල්, පොහොය අටසිල් යන්න අප අතීතයේ පටන් අප බෞද්ධ ජන සමාජය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ චර්යා පද්ධතියකි. නමුදු දවස් හතේ සිට හතලිස් නවය දක්වා දිනපතා බෝධි පූජා පැවැත්විය යුතු බවට නක්ෂත්‍ර කරුවන් කරන පැනවීම් මත අද වන විට දිනපතාම බෞද්ධ වෙහෙර විහාරස්ථාන වල සැළකිය යුතු පිරිස් දක්නට ලැබේ. එහෙත් බෝධි පූජා, බෝධි වන්දනා යන බෞද්ධ ලේබලය යටතේ බෞද්ධයන් මෙලෙස සිදුකරනුයේ තම ලෞකික අපේක්ෂාවන් ඉෂ්ඨ සිද්ධ කරගැනීම අරමුණු කරගත් ශාන්ති කර්ම බව ඉතා පැහැලිදි ය. ඒ අනුව අලෝභ, අදෝෂ, අමෝහ යන අකුසල මූලයන් පිටු දක්නා චිත්ත දමනය මුල් කොට ගත් සදාචාරාත්මක චර්යාවක හා ආයුෂ, වර්ණ, සැප, බල ආදී වන ලෞකික අභිමතාර්ථ ඉටු කර ගැනීම උදෙසා කරනු ලබන ශාන්ති කර්මයක වෙනස මෙරට බෞද්ධයන් හොඳින් වටා ගත යුතු ය. මිනිසා ක්ලේෂභරිත වන තරමට ලෞකික ගැටළු අර්බිද දා දළු ලා වැඩෙන බව නොරහසකි.ඒ අතරේ වර්තමාන සමාජ ආර්ථික හා සංස්කෘතික පසුබිම තුළ මිනිසා තුළ අසහනය,අසංතෘප්තිය හා කලකිරීම උතුරා යන බව ද නොරහසකි.ඒ අනුව වත්මන් සමාජය තුළ තමනට නිසි අවස්ථා නොලැබී යන බව හෝ ඇතැමුන් විසින් තමන්ට හානි පමුමුණුවන බවට සිතන පිරිස් අද කොතෙකුත් දක්නට ලැබේ.ඒ අතරේ පීඩනෝන්මාද පෞරුෂය නම් වන මානසිකත්වයෙන් යුතු පිරිස් ද වෙති.එවන් තත්වයන් සම්බන්ධයෙන් විද්‍යාත්මක විසඳුම් අපේක්ෂා කළ යුතු ව තිබිය දී වත්මන් සමාජයේ බොහොමයක් ඒ වෙනුවට අන්ධ භක්තීන් වෙත යොමු වනු දක්නට පුළුවන.ඒ එබඳු ක්‍රියාවන් ගෙන් ද නොවිධිමත් මහෝ චිකිත්සාවක් වන සෘණාත්මක නැවත ශක්තිමත් බවක් ඇති වන බැවිනි.මේ අතර අනේක විධ සදාචාර විරෝධී කරන්නවුන් ඉන් සිත තුළින් පැන නඟින වරදකාරී හැඟීම් යටපත් කර ගැනීම පිණිස ද තවත් පිරිසක් තම සැබෑ අසත් පුරුෂ භාවය යටපත් කොට ව්‍යාජ සත් පුරුෂ භාවයක් සමාජය හමුවේ මවා පෑම පිණිස ද ආගම් වලම එල්ලී හිඳීමට මාන බලති.අප විශ්වාස කරන අන්දමට බොහෝ දේශපාලනඥයන් ගේ ආගම් ඇදහීම් මෙම ගණයේ ලා දැක්විය හැක. නමුත් ඒ අරමුණු උදෙසා ආගම් වල එල්ලීම එම තැනැත්තාට තිරසාර විසඳුමක් ලැබීමට හෝ සමාජයේ සදාචාර ප්‍රවර්ධනයට හේතු නොවන බව කිව යුතු ය.ඒ එම අරමුණ ශාක්ෂාත් කර ගැනීම පිණිස ශාස්තෲ දේශනාව හෝ මූලික ඉගැන්වීම, පසුකාලීන මත,මූලික ඉගැන්වීම් වලින් පැවසෙන දර්ශනය, සදාචාර මාර්ගය යන ආගමකට අයත් මූලික අංග වෙත මිනිසා අනිවාර්යෙයෙන් යොමු විය යුතුම ය. අපගේ වැටහීම අනුව අප සමාජයේ ඇතැමින් අන්ධ භක්තීන් කෙරෙහි නතුවීම හා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම බොහෝ දුරට එක සමාන ය. වත්මන් සමාජයේ වෙනත් ආගම් වලින් ද මීට සමාන තත්වයන් පැහැදිලිව දැක ගත හැකි අතර ඒ සම්බන්ධයෙන් විචාරක්ෂිය යොමු කොට ආගමේ නාමයෙන් හුදු ආත්මාර්ථකාමීන්, දුදනන් සහ අසත් පුරුෂයන් වැඩි වැඩියෙන් බිහිවීම වැලැක්වීම සම්බන්ධයෙන් විචාරශීලීව කටයුතු කරන මෙන් ඒ පූජක කාරකාදීන් ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමින් අපි නිහඬ වෙමු. අප සැම එක් වී ඒ සඳහා කටයුතු නොකළහොත් ආගමානුකූලව ජීවිත ගත කරන්නවුන් වඩාත් නරක මිනිසුන්ය යන වැරදි සහගත අදහස නොදුරේ දීම ඉතා පැහැදිලි සමාජ යථාර්ථයක් බවට පත් වීම කිසිවකුටත් වැළකිය නොහැක.
කදුරුපොකුණේ සුමංගල හිමි