ආගමික ස්ථානවල දේපළ වත්කම් සොයනවා දේපළ බෞද්ධ සිද්ධස්ථාන ඇතුළු රට තුළ ඇති සියලුම ආගමික ස්ථානවල වත්කම් සහ දේපළ පිළිබඳ සංගණයක් සිදුකිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ.මහානායක හිමිවරුන් ඇතුළු සියලු ආගමික නායකයින්ගේ එකතතාව මත අමාත්‍යංශයේ ආගමික කටයුතු දෙපාර්තුමේන්තු මේ සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කරගැනීමට කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතා පවසයි.බොහෝ විහාරස්ථානවල දේපළ, වාහන හෝ ඒවාට ආධාර උපකාර ලැබෙන ක්‍රම සම්බන්ධයෙන් සහ ඒවායේ පරිපාලන කමිටු සම්බන්ධයෙන් ගැටළු සහගත තත්වයන් ඇතිවීම, එම ස්ථාන සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු නොමැතිවීම, වෙහෙර විහාරවල අලි ඇතුන් සම්බන්ධයෙන් පවා කිසිදු තොරතුරක් අමාත්‍යංශය තුළ නොමැති වීම මෙම සංගණයට හේතුව බව ද අමාත්‍යවරයා පවසයි.