ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ පළමු රැස්වීම හෙට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ පළමු රැස්වීම හෙට( 26) ජනාධිපති වරයාගේ හා අගමැති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. හදිසි නීතිය පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීම හා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ගැන මෙම රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ සහ මුස්ලිම් පක්ෂ නායකයන් පවසා ඇත්තේ මෙම සර්ව පාක්ෂික ආණ්ඩු කතාව තමන්ට මාධ්‍ය මඟින් දැන ගත හැකි වූ මුත් රජයෙන් මෙතෙක් එවැන්නකට එක් වන ලෙස කිසිදු ඉල්ලීමක් කොට නැති බවකි.