ආණ්ඩුව තිස්ස කුට්ටි ආරච්චි ලවා මට අසභ්‍ය අපහාසයක් කළේ මම නැනෝ පොහොර වංචාව ගැන ප්‍රශ්න කළ නිසයි

‘නැනෝ පොහොර ආනයනය කිරීමේ දී විෂය භාර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා රුපියල් කෝටි 1100 වංචා කළා ද ?’ යනුවෙන් පාර්ලිමේන්තුවේ දී තමන් සිදු කළ ප්‍රශ්න කිරීමට ප්‍රතිචාර ලෙස ආණ්ඩුව තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා යොදවා තමන් අපහසුතාවයට පත්වන ආකාරයෙන් අසභ්‍ය ප්‍රකාශයක් සිදුකළ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය චෝදනා කරයි.නැනෝ පොහොර ගෙන්වීමේදී එක් ලීටරයකින් ඩොලර් නවය‍යි පනහක වංචාවක් සිදුව ඇති බව ද කවිරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි.ඒ අනුව නෑනෝ පොහොර ගෙන්වීමේදී සිදුව ඇති සමස්ත පාඩුව කෝටි 1100 බව ද මන්ත්‍රීවරිය පෙන්වා දෙයි.
එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කළේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් සහ මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ප්‍රශ්න කිරීමක් සිදු කළොත් මේ ගනුදෙනුවේ සැබෑ හොරුන් හඳුනාගත හැකි බවයි.අද රටේ තීන්දු තීරණ ගන්නේ එකම පවුලක සහෝදරවරුන් කිප දෙනෙක් පමණක් බවත් එම තීරණ මහපොළොව තුළ ප්‍රායෝගික නොවන බවත් කවිරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි.පාර්ලිමේන්තුවේ වත්මන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද තම ධුරයේ කටයුතු අපක්ෂපාතීව නොකරන බව ද කවිරත්න මහත්මිය චෝදනා කරයි.

කාලීන පුවත්