ආණ්ඩුව පලවා හරින්නැයි දෙවිනුවර ජනතාව දෙවියන්ට කියති

ජනතාව අසීමාන්තික ලෙස දරුණු පීඩාවන්ට ලක් කරන වත්මන් ආණ්ඩුව බලයෙන් නෙරපා හරින ලෙස ඉල්ලමින් දෙවිනුවර ජනතාව අද(06) දෙවිනුවර ඓතිහාසික විෂ්ණු දේවාලය ඉදිරියේ දේව කන්නලව්වක් කොට පොල් ගැසීමක් ද සිදු කළහ.ඊට සහභාගී වූවන් ප්‍රකාශ කොට සිටියේ පොදු අරමුණක් උදෙසා දේව කන්නලව්වකට මෙතරම් ප්‍රදේශවාසීන් පිරිසක් රැස් වූ ප්‍රථම වතාව මෙය බවය.ඉන් පසුව එම ජනතාව එකි`නෙකා අත්වැල් බැඳ මාතර තෙක් කිලෝමීටර් නවයක මිනිස් දම්වැලක් නිර්මාණය කරමින් ද රජයට තම විරෝධය පළ කළහ.

කාලීන පුවත්