වර්තමාන ආණ්ඩුවේ පක්ෂයේ වැඩිම බලයක් සහිත ප්‍රධාන පක්ෂයක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ(පොහොට්ටුව )ට ආණ්ඩුවේ අනුපාතය අනුව ලැබිය යුතු නියමිත ඇමති ධුර සංඛ්‍යාව අනිවාර්යෙන්ම හිමි විය යුතු බව පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පෙන්වා දෙයි. ඒ සම්බන්ධයෙන් පක්ෂයේ ඉල්ලීම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව ද ඔහු පවසයි. ඒ මහතා මේ අදහස් පළ කරන ලද්දේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී ඊයේ(22) පැවති මාධ්‍ය හමුවකදී ය.