ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු ගෙන් ජනපතිට”රතු එළියක්”

මේ වන විට රටේ මතුව ඇති අර්බුදය විසඳීම සඳහා සියලු පක්ෂ සමග එක්ව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.මේ වන විටත් එම ලිපිය ජනාධිපති වරයාට බාරදී ඇතැයි පැවසෙයි. ඔවුන් එමඟින් ඉල්ලා ඇත්තේ පොදුජන පෙරමුණෙන් අගමැතිවරයකු හා ,සියලු පක්ෂ නියෝජනය වන කැබිනට් මණ්ඩලයක් පත් කරන ලෙසය. එලෙස අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනපති වරයා කටයුතු නොකරන්නේ නම් මහජන නියෝජිතයන් ලෙස තමන්ට ද හෘද සාක්ෂිය අනුව තීන්දුවක් ගැනීමට සිදුවනු ඇතැයි එම මන්ත්‍රීවරුන් ලිපියෙන් දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත.

කාලීන පුවත්