ආණ්ඩුවෙන් ඉවත් වූ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කළ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා රහසිගතව ආණ්ඩුවට ගෙන රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදීමට විරෝධය පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (12) රාත්‍රියේ ජනාධිපති මැදුරේ දී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව වර්ජනය කරන බව එම මන්ත්‍රී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් කීය.ඔහු සඳහන් කළේ වර්තමානයේ උද්ගත වී ඇති බරපතල අර්බුද අවස්ථාවේ දී පවා ආණ්ඩුව තුළ රාජපක්ෂ පවුල් ඒකාධිකාරය පවත්වා ගැනීමේ උත්සාහයක් පවතින බවය.