ආනයනික කිරි පිටි මිල අඩු වෙයි

ආනයනික කිරිපිටි මිල ලබන සතියේ සිට අඩු කිරීමට තීරණය කර තිබේ.ඒ අනුව කිලෝ එකක මිල රුපියල් 200කිනුත්, ග්‍රෑම් 400ක මිල රුපියල් 80කිනුත් අඩු කරන බව කිරිපිටි ආනයනකරුවෝ පවසති. ගත වූ කාලයට වඩා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය යම් සතුටු දායක මට්ටමකට පැමිණෙමින් පවතින අතර එහි වාසිය පාරිභෝගිකයන්ට ලබා දීම පිණිස මෙම මිල අඩු කිරීම සිදු කරන බව පැවසෙයි.

කාලීන පුවත්