ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 800 තෙක් ඉහළට?

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 540 සිට 800 දක්වාත් කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 1345 සිට 1945 දක්වාත් වහාම ඉහළ දැමීමට සිදුව ඇතැයි කිරිපිටි ආනයන සමාගම් පවසයි.ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි කිලෝවක මිල ඩොලර් 2.80 සිට ඩොලර් 5.30 දක්වා ඉහළ යාම සහ ඇමෙරිකා ඩොලරයක වටිනාකම රුපියල් 202 සිට රුපියල් 280 දක්වා වැඩිවීම හේතුවෙන් ආයනයන කිරිපිටි මිල වැඩි කිරීමට සිදුව ඇතැයි එම සමාගම් කියයි.ඔවුන් වැඩි දුරටත් පවසනුයේ දැනට පවත්නා මිල ගණන් යටතේ කිරිපිටි බෙදාහැරීම කෙසේවත් කළ නොහැකි බවය.

කාලීන පුවත්