ආනයනික තිරිඟු පිටි තොග නිසි පරිදි අවශ්‍ය ප්‍රමාණයට ලැබෙන්නේ නම් ලබන සතියේ සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.නමුත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල පහළ දමන ආකාරය මේ මොහොතේ ප්‍රකාශ කළ නොහැකි බවත් එය ඉදිරියේ දී ප්‍රකාශ කරන බවත් ජයවර්ධන මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.