ආනයනික භාණ්ඩ 100 ක තහනම ජුනි මුල ඉවතට

රටේ ආර්ථික තත්වය කෙමෙන් යහපත් අතට හැරෙමින් පවතින බැවින් ආනයනික භාණ්ඩ වර්ග 100ක තහනම ජුනි මස මුල් සතියේදී ඉවත් කිරීමට නියමිත බව.මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද(26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට බලපෑමක් නොවන හෝ දේශීය වශයෙන් ප්‍රවර්ධනය නොකරන නිෂ්පාදන සඳහා දැනට පනවා ඇති තහනම ඉවත් කරන බවත් එම නිල ගැසට් නිවේදනය ඉදිරි දිනවලදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.

කාලීන පුවත්