ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ දී ඉහළ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය අනිවාර්ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ප්‍රමිතියෙන් උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන, ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්රය ප්‍රවර්ධනයට බෙහෙවින් ඉවහල් වන අතරම, ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර වෙත ප්‍රවේශ වන ජනතාවට එමගින් වඩාත් විශ්වාසදායක අයුරින් දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ද අවස්ථාව සැලසෙන බවත්, එබැවින් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ දී ප්‍රමිතිය හා ඉහළ ගුණාත්මකභාවය අනිවාර්ය විය යුතු යැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේය.
මෙහිදී අමාත්‍යවරයා රජය සතු මෙරට විශාලතම දේශීය ඖෂධ නිෂ්පාදනාගාරය හිමි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ඉදිරි සැලසුම්, නිෂ්පාදන හා අලෙවි ඉලක්ක, රාජ්‍ය අයතනය හා විවෘත වෙළඳපළ ඉලක්ක ගත නිෂ්පාදන හා අලෙවි කටයුතු ආදි කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සොයා බලමින් නිෂ්පාදන ධාරිතාව ඇතුළු ආයතනයේ අනෙකුත් සෑම අංශයකටම අදාළ ඉහළ ප්‍රගතියක් ළඟා කර ගැනීමට අදාළ තීරණ කිහිපයකට එළඹෙන ලදී.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉදිරි සැලසුම් දියත් කිරීම සහ ගැටළු සදහා විසඳුම් ලබා දීමේ අරමුණින් නාවින්න පිහිටි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා පරිශ්‍රයේ සිදු කළ කරුණු විමර්ශනය කිරීමේ වැඩසටහනකට එක්වෙමිණි.