ආර­ක්ෂක මාණ්ඩ­ලික ප්‍රධානී තන­තුර අහෝසි කරයි

රට තුළ පවත්නා වර්තමාන තත්වය යටතේ ආර­ක්ෂක මාණ්ඩ­ලික ප්‍රධානී තන­තුර පව­ත්වා­ගෙ­න ­යෑ­මට තව­දු­ර­ටත් කට­යුතු නොක­රන බව ආර­ක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයි­ය­කොන්තා (විශ්‍රා­මික) මහතා ඊයේ (29) පැවති විශේෂ මාධ්‍ය හමු­වට එක්වෙ­මින් පැව­සීය.ඒ අනුව ඉදිරියේ දීඒ සම්බ­න්ධ­ වගකීම් ආර­ක්ෂක අමා­ත්‍යාං­ශ­යෙන් සිදු කරන බව පැවසූ ආර­ක්ෂක ලේක­ම්ව­රයා වැඩි දුරටත් පවසා සිටියේ ඉදි­රි­යේදී අවශ්‍ය වුව­හොත් ආර­ක්ෂක මාණ්ඩ­ලික තන­තුර සම්බ­න්ධ­යෙන් තීර­ණ­යක් ගන්නා බවකි.

කාලීන පුවත්