ආරක්‍ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක්

යුද ගැටුම් නිසා ඇති වන අහිතකර බලපෑම සහ අමිහිරි මතක සියැසින් දැක තිබෙන අතරම සාමකාමී පරිසරයක ඇති සුව කිරීමේ බලයද අත් දැක තිබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පවසයි.

මීළඟ අදියරට පා තබන විට ජාතියක් ලෙස අතීතයෙන් ඉගෙන ගන්නා පාඩම් ඉදිරි දිවියට අත්දැකීමක් කරගන්නා ලෙස ඉල්ලා සිටින්නේ යැයිද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරයි.

සාමයේ, ස්ථාවරත්වයේ සහ සහයෝගීතාවයේ වටිනාකම පිළිබඳවද කිසිදා අමතක නොකළ යුතු බවද තුයියකොන්තා මහතා පවසනලදි.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අමතමින් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා මේ බව පවසනලදි.

කාලීන පුවත්