දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 91 වැනි වියේ පසුවිය.මෙම වසර මුල දක්වා දෙමළ ජාතික සන්ධානයේ නායක ලෙස ද කටයුතු කළ ආර්. සම්බන්දන් මහතා 2015 වසරේ සිට වසර කීපයක් විපක්‍ෂ නායකයා ලෙස ද කටයුතු කොට ඇත. දක්ෂ නීතිවේදියෙකු උගතෙකු බුද්ධිමතෙකු වූ ඒ මහතා තමන් නියෝජනය කරන ජන කොටසේ අයිතීන් හා අභිමතාර්ථයන් උදෙසා ඉමහත් කැපවීමකින් කටයුතු කළ පරිනත දේශපාලනඥයෙකි.