ආහාර අහේනියකින් සිටී නම් ඇමතීමට විශේෂ දුරකථන අංක හඳුන්වාදෙයි

පාසල් සිසු සිසුවියන් ඇතුළු ඕනෑම ශ්‍රී ලාංකිකයකු ආහාර අහේනියකින් සිටී නම් ඒ ගැන සොයා බලා සහන සැලසීමට ජනාධිපති කාර්යාලයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ඒකකයක් ස්ථාපිත කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම ඒකකය පිහිටුවා ඇත.

මෙම ඒකකය ඇමතීමට විශේෂ දුරකථන අංක ද හඳුන්වා දී තිබෙන අතර 0114354647 හෝ 0114354354 අමතා දිගු අංක 5705 / 5707 ඔස්සේ එම ඒකකය හා සම්බන්ධ වෙමින් තොරතුරු ලබාදිය හැකිය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් මෙි වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙන බව ජනාධිපති කාර් යාලය සඳහන් කරයි.

කාලීන පුවත්