ඇඟලු‍ම් අපනයන ආදායම අඩුවෙයි

ඇඟලු‍ම් අපනයන ආදායම අද වනවිට අඩුවෙමින් පවතින බව මහ බැංකුවේ අලු‍ත්ම නිවේදනයක් මගින් අනාවරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව මේ බව අනාවරණ කර ඇත්තේ මාර්තු 31 වෙනි දින නිකුත් කරන ලද පසුගිය පෙබරවාරි මාසට අදාළ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය දැක්වෙන නිවේදනය මගින්.

2022 පෙබරවාරි මාසයේ ඇඟළු‍ම් අපනයන ආදායම ඩොලර් මිලියන 496.4ක් වී තිබූ අතර මෙම වසරේ පෙබරවාරි මාසයේදී එය ඩොලර් මිලියන 431.3 දක්වා පහත වැටී තිබේ.

කාලීන පුවත්