ඇප මුදල් නැවත නිකුත් කිරීමට හැකියාවක් නැහැ – මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි

පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වනදා පැවැත්වීමට හැකියාවක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණ ද ඇප මුදල් නැවත නිකුත් කිරීමට මේ දක්වා හැකියාවක් නොමැති බව ‍මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නාමයෝජනා අවලංගු කිරීමට නම් ආණ්ඩුව පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කළ යුතු අතර, එසේ නොවන්නේ නම් සීමා නිර්ණ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළහොත් පමණක් නාමයෝජනා අවලංගු වන බව සඳහන් වේ.

ඇප මුදල් යළි නිකුත්කළ හැකි වන්නේ නාමයෝජනා අවලංගු කිරීමකදී පමණක් බව එහි සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේය.

කාලීන පුවත්