මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති කාර්යාලයේ දී අද(23) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයාට කර්මාන්ත අමාත්‍ය ධුරයට අමතරව සෞඛ්‍ය අමාත්‍ය ධුරය ද ලබා දී තිබේ.රංජිත් සියඹලාපිටිය මහතා විසින් දැනට දරනු ලබන මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබේ.