මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද(04) තම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.පසුගිය කාලයේ හටගත් ආර්ථික අර්බුදය වඩාත් උත්සන්න වීමට මහ බැංකු අධිපති වර්යා ගත් ඇතැම් තීරණ හේතු වූ බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ද කීය. ඒ අතර නව මුදල් ඇමති තනතුර සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අලි සබ්රි මහතා පත් කොට තිබේ.ඊට අමතරව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ද, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහා මාර්ග ඇමැතිවරයා වශයෙන් ද ජී.එල් පීරිස් මහතා විදේශ කටයුතු ඇමති වරයා වශයෙන් ද දිවුරුම් දී තිබේ. කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම අමාත්‍ය ධුර පුරප්පාඩු වී තිබූ අතර, පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (05)දිනයේ සාමාන්‍ය පරිදි කරගෙන යාමට අවශ්‍ය බැවින්, මෙම අමාත්‍ය ධුර කිහිපය පත් කරනු ලැබූ බව දැනගන්නට ඇත.