ඇමරිකා ඉන්දියා චීන රහස් ඔත්තු සේවා ශ්‍රී ලංකාවේ

මෙරට නව ජනාධිපති කවුරුන්ද යන්න සම්බන්ධව පූර්ව විමසා බැලීම සඳහා ඇමරිකාව, ඉන්දියාව සහ චීනය යන රටවල රහස් ඔත්තු සේවා නිලධාරීන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි එම තානාපති කාර්යාල අභ්‍යන්තර තොරතුරු අනුව අනාවරණය වේ.මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් වන රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස,සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ මැතිවරණ රැලිවලට ද ගොස් ලබාගත් තොරතුරු සහ සාමාන්‍ය ජනතාව ගේ අදහස් සිය රටවලට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.මෙහි දී ඉන්දියාව මෙරට මීළඟ ජනාධිපති වරයා තෝරා ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජනතාව ගේ අභිලාෂය විමසා බැලෙන බවත් චීනය නව ජනාධිපති වරයකු පත්වීමේ සම්භාවිතාව අධීක්ෂණය කරමින් හිඳින බවත් නිල නොලත් ආරංචි මාර්ග මඟින් ප්‍රකාශ වී තිබේ.

කාලීන පුවත්