බැසිල් ගේ මුදල් ඇමති ධුරයට එරෙහි පෙත්සමක්

අමෙරිකානු නීතිය යටතේ එරට පුරවැසිභාවයට පළමුව දිව්රුම් දී ඇති බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සහ මුදල් ඇමැතිවරයා ලෙස පත් වීම, දිව්රුම්දීම සහ ධුරයෙහි කටයුතු කිරීම බල රහිත කරන නියෝග නිකුත් ලෙස ඉල්ලා උලපනේ සුමංගල හිමියන් ඇතුළු තිදෙනකු අභියාචනාධිකරණයට ඊයේ (5) රිට් පෙත්සමක් ගොනු කළහ.
නරාහේන්පිට ධර්මායතන විහාරයේ උලපනේ සුමංගල හිමියන්, බරපතළ වංචා හා දූෂණ සොයා බැලූ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා සහ නීතිඥ සුරාජ් වල්ගම මෙහි පෙත්සම්කරුවෝ වෙති. ඇමැති බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවෝ වෙති.
බැසිල් රාජපක්ෂ මහතා පුරවැසියකු ලෙස ඔහුගේ පළමු දිවුරුම අමෙරිකාවේදී එම නීතිය යටතේ ගෙන ඇති බව පෙත්සමෙහි සඳහන් වේ.

කාලීන පුවත්