පකිස්ථානයේ සියල්කොට්හිදී අන්තවාදීන් විසින් වධ හිංසනයට ලක් කර ඝාතනය කළ ඉංජිනේරු ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය රැගත් ගුවන් යානය
අද(06) පස්වරු 5 ට ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිතය.මේ අතර අදාළ ඝාතනය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පාකිස්ථාන රජය මේ වනවිට ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 230 කට අධික පිරිසක් අත් අඩංගුවට පත් ව තිබේ.අදාළ පහරදීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 13 දෙනා ඊයේ(05) සියල්කොට්හිදී අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් අද ගුජරාට් ත්‍රස්ත මර්දන අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.පකිස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ද ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් පකිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විමර්ශන වාර්තාවක් ඉල්ලා ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය ලද 48 හැවිරිදි ප්‍රියන්ත කුමාර මහතා මීට වසර 11 කට පෙර පාකිස්ථායට ගොස් ඇති අතර ඔහු ගනේමුල්ල කැන්දලියද්දපාළුව ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.
ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාරගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් වන්දි ලබා ගැනීමට අදාළ කටයුතු මේ වන විට කඩිනමින් සිදු වෙමින් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.ප්‍රියන්ත කුමාර මහාතාට පහර දෙන අවස්ථාවේ ඔහුව ආරක්ෂා කිරීමට උපරිම වෙර දැරූ පාකිස්ථානු ජාතික මලික් අද්නාන් මහතාට පාකිස්ථානයේ නිර්භීත කම සඳහා වන දෙවන පෙළ ඉහළම සිවිල් සම්මානය ලබා දෙන බව පාකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.