ඉක්මනින් පාසල් ඇරෙන ළකුණු

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්නායකවලට අනුව සංචරණ සීමාවලින් පසු මුලින්ම ආරම්භ කළ යුතු වන්නේ පාසල් බැවින් මෙරට පාසල් ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. පාසල් ආරම්භ කිරීම පිළිබඳ ජාත්‍යන්තර නිර්යායක ද සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කොවිඩ් කාර්යසාධක බලකාය අවධානය යොමුකර ඇතැයි ද අමාත්‍යංශ ලේකම් වරයා පවසයි. මේ වනවිට දෙලක්ෂ පනස් දහසකට ආසන්න ගුරුවරුන් පිරිසකට එන්නත ලබාදී අවසන් බැවින් ඉක්මනින් විවෘත කිරීම සදහා අදාල නිර්දේශ මේ වනවිට අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධානයට යොමුකර ඇතැයි ද ඔහු කියා සිටියි.

කාලීන පුවත්