ඉක්මනින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා නොගත්තොත් අපිටත් අමරකීර්ති මන්ත්‍රී තුමාට වුණු දේම තමයි

අමරකීර්ති අතුකෝරල මන්ත්‍රී තුමන්ට සිදු වූ දේ අපට සිදු වීමට වැඩි කලක් නොයන බැවින් සැම දෙන එක් වී හැකි ඉක්මනින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට කටයුතු කළ යුතු යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.එමෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 09 දා උදේ නවයට ඉල්ලා අස් වූවා නම් මේ තත්වය උද්ගත නොවන බවත් එනිසා මේ තත්වයට එතුමා ද වගකිව යුතු බව කී මන්ත්‍රී වරයා අලුත් අගමැති වරයකු පත් කර ගැනීමට මිනිසුන් මරා තුවාල කර ගිනි තබන තුරුම හිඳින්නට සිදු වූ බව කීය. පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා පසුගිය 09 වන දා අරලියගහ මන්දිරයට ගොස් එමින් සිටිය දී කොල්ලුපිටියට සහ ගාලුමුවදොරට එල්ල වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාක්ෂික ප්‍රහාර වලින් කුපිතව සිටි ජනතාව අතුරින් මතු වූ පිරිසක් විසින් එදිනම නිට්ටඹුවේ දී ඝාතනය කරන ලදී.

කාලීන පුවත්