වට්සැප් වැනි සන්නිවේදන මාධ්‍ය පාසල් අධ්‍යාපන කටයුතු සිදු කිරීමේදී නොව සන්නිවේදන කටයුතු සඳහා පමණක් භාවිතා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය චක්‍රලේඛයක් මගින් සියලුම විදුහල්පතිවරුන් හා අධ්‍යාපන බලධාරීන් වෙත දැනුම් දී ඇත.කොවිඩ් වසංගතය හමුවේ භාවිත කළ අයුරින් වර්තමානයේ එය භාවිතා නොකරන ලෙස ද අධ්‍යාපන කටයුතු සදහා වෙන්කර ඇති පාසල් කාලය තුළ ඉගැන්වීම් කටයුතු සිදු කරන ලෙස ද ඇය ඉල්ලා සිටී.තාක්ෂණික පහසුකම් නොමැති දරුවන් අපහසුතාවයට පත් නොවන ලෙස සන්නිවේදන මාධ්‍ය භාවිතා කරන ලෙස ද එසේ නොමැතිව දරුවන් මානසික පීඩනයට පත් වන ලෙස එම මාධ්‍ය භාවිතා කළහොත් විනයානුකූලව දැඩි පියවර ගන්නා බව ද අදාළ චක්‍රලේඛය මගින් දැනුම් දී තිබේ.