සමස්ත විශ්ව විද්‍යාල ශිෂ්‍ය ධාරිතාවයෙන් සියයට 5ක් පමණ සිය අධ්‍යයන කාල සීමාව අවසන් වීමෙන් පසුව ද විවිධ අරමුණු පෙරදැරි කර ගමිනින් විශ්වවිද්‍යාල තුළම රැඳී සිටින බවත් එය සම්පූර්ණයෙන්ම නීතීවිරෝධී ක්‍රියාවක් බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටියි.ඒ අනුව, එවැනි සිසුන්ට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා ලෙස, සියලු උපකුලපතිවරුන්ට උපදෙස් ලබාදුන් බව ද මහාචාර්ය වරයා වැඩිදුරටත් සඳහන් කරයි.