ඉත්තෑවෙකුට තුවක්කු බඳකින් පහර දුන් පුද්ගලයකු එම තුවක්කුව පත්තු වීමෙන් එතැනම මියයාමේ සිදුවීමක් දුම්මලසුරිය පොලිස් වසමට අයත් කොවුල්වැව ගම්මානයෙන් වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ පන්නල ඇලබඩගම බම්මන පදිංචි වන එම්. එච්. එම්. රිකාස් (45) නමැති තිදරු පියෙකි.පාපන්දු පුහුණුකරුවෙකු ද වන මියගිය පුද්ගලයා කුකුළු මස් අලෙවි කරුවකු බව ද දැන ගන්නට ඇත.එමෙන්ම ඔහු තම කුකුළුගොවිපල සමීපයට පැමිණෙන සුනඛයන් වායු රයිෆලයකින් වෙඩි තබා ඝාතනය කිරීම් පිළිබඳ පැමිණිලි ගණනාවක් ද පොලීසිය වෙත ගොනු වී ඇත. දුම්මලසුරිය ඇතුන්ගහ කොටුව ප්‍රදේශයේ තිදෙනෙකු සමඟ දඩයමේ යාමේ දී ඔහු මෙම අවාසනාවන්ත ඉරණමට ලක් ව තිබේ. මේ තිදෙනා තුවක්කුව සමඟ දුම්මලසුරිය පොලිසියට භාර වී මුළු සිදුවීම පිළිබඳ ප්‍රකාශ ලබා දී ඇත. ඔවුන්ගේ ප්‍රකාශවලට අනුව එහිදී මියගිය පුද්ගලයා තුවක්කුවෙන් ඉත්තෑවාට පහර දීමේදී තුවක්කුව ඉබේම පත්තු පත්තුවී ඔහු එම ස්ථානයේ දීම මිය ගොස් තිබේ.එම තුවක්කුව ද ඔහුගේ බව දැනට සැක පිට අත් අඩංගුවට ගෙන සිටින පුද්ගලයන් තිදෙනා ප්‍රකාශ කර තිබේ.කොවුල්වැව ප්‍රදේශයේ රජයට අයත් වතු කීපයක් තිබෙන අතර මේ වතුවල මුවන්, ඉත්තෑවන්, වල් ඌරන්, මොනරුන් වැඩි වශයෙන් ජිවත් වන අතර ඉකුත් සතියේ දින කීපයක් එහි වන අලි ද දක්නට ලැබුණු බව ප්‍රදේශවාසීහු කියති.