ඉදිරි ජනපතිවරණයට One and only සජබ අපේක්ෂකයා සජිත්!

එළඹෙන ජනාධිපතිවරණයේ සමගි ජන බලවේග අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම ඒක ඡන්දයෙන් සම්මත වී තිබේ. ඒ ඊයේ(16)පැවැති සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ය. රැස්වීමට එක්ව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා විශ්වාසය තැබිය හැකි වෙනත් කිසිදු නායකයකු පෙනෙන තෙක් මානයක වත් නැති බවත්, සිටින එකම පුද්ගලයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පමණක් බවත් ය.පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් එම යෝජනාව සම්මත කොට ඇත.

කාලීන පුවත්