ඉදිරි ජනපතිවරණයට එන්නැයි ජනපතිට බල කරනවා

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් තීරණය කර නැති අතර ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා සුදුසු පුද්ගලයකු ද තම පක්ෂය තුළ නොමැති පසුබිමක ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තමන් බලකර කියා සිටින බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.කෙලෙහි ගුණ දත් පුද්ගලයකු ලෙස තමන් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියාකරන බවද අමාත්‍ය වරයා සඳහන් කළේය.අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ ගම්පහ උඩුගම්පොළ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත හමුවක් අමතමිනි.

කාලීන පුවත්