ඉදිරි ජනාධිපතිවරණයේදී මගේ සහාය ජනපති රනිල්ටයි

ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහයෝගය හිමි වන්නේ රටේ අනාගතය ගැන පැහැදිලි දැක්මක් ඇති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි. .ඒ අනුව තමා පසුගිය දිනවල ජනාධිපතිවරයා සමඟ උගන්ඩා සංචාරයට ද එක් වූ බවත් එහි දී ද ජනාධිපති වරයා රටේ අනාගතය වෙනුවෙන් කරන වැඩ කොටස ගැන තමන් තුළ වූ පැහැදීම වැඩි වූ බවත් කීය.එමෙන්ම දේශපාලන පක්ෂයට වඩා තමන්ට පළාතේ ජනතාවගේ මතු යහපත වටින බවත් දුකේදි සැපේදී තමන් ජනතාව සමඟ සිටිනවා නම් සමාජ මාධ්‍යවල දේවල් වලින් තමන්ට වැඩක් නොවන බවත් රාජ්‍ය අමාත්‍ය වරයා පවසයි.

කාලීන පුවත්