ඉදිරි දින කිහිපය තුළ රටම ලොක් ඩවුන්?

ශ්‍රී ලංකාව සතුව මේ වන විට ඇති පෙට‍්‍රල් ටොන් 1100ක සහ ඩීසල් 7500ක ප්‍රමාණය එක් දිනකටවත් ප්‍රමාණවත් නොවන බවත් ඉකුත් සතිය පුරාම මෙරටට කිසිදු ඉන්ධන නෞකාවක් ළඟා වී නැති අතර නුදුරේදීම ඉන්ධන නෞකාවක් නොපැමිණියහොත් පොදු ප්‍රවාහනය පවා ඇනහිට රටම සම්පූර්ණ ක්‍රියා විරහිත වනු ඇතැයි සමාජ ආර්ථික විශ්ලේෂකයෝ කියති.මේ වන විට පවතින ඉන්ධන තොග අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් නිකුත් කරන නිසා මහජනතාවට ටෝකන් ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම ද ප්‍රායෝගික විසඳුමක් නොවන බවත් විදුලි බලාගාර වලට අවශ්‍ය ඉන්ධන තොග සැපයීමට නොහැකි වීමෙන් විදුලි කප්පාදුව පැය දහයක් පමණ දක්වා දීර්ඝ වනු ඇති බව ද පැවසෙයි. මේ අතර ශ්‍රී ලංකාව ණය ගෙවීම අතහැරීම නිසා ජාත්‍යන්තර සමාගම් ශ්‍රී ලංකාව අසාදු ලේඛන ගත කර ඇති අතර එම සමාගම් ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දීම සදහා නම් ජාත්‍යන්තර බැංකුවක ඇපකර ඉල්ලා සිටීම මත ශ්‍රී ලංකාව බරපතල අවදානමකට මුහුණ පා ඇති බවත් ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ රටම සම්පූර්ණ ක්‍රියා විරහිත වීමේ අවදානමක් පැන නැඟී ඇති බවත් සමාජ ආර්ථික විශ්ලේෂකයෝ වැඩි දුරටත් කියති.

කාලීන පුවත්