ඉදිරි දින දහය තුළ තවත් ඉන්ධන නෞකා දෙකක්

ඉදිරි දින දහය ඇතුලත ඉන්ධන රැගත් තවත් නෞකා දෙකක් දිවයින ළගා වීමට නියමිතය. ඒ අතරින් පෙට්‍රල් මෙට්‍රික් ටොන් තිස් එක් දහසක් රැගත් නෞකාවක් මේ සතිය තුළ දිවයිනට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.මේ වන විට දළ වශයෙන් දෛනිකව පෙට්‍රල් මෙට්‍රික් ටොන් තුන් දහසක් බැගින් හා ඩීසල් මෙට්‍රික් ටොන් හාර දහසක් බැගින් දිවයින තුළ බෙදා හරිනු ලැබේ.එමෙන්ම දැනට ඉන්ධන බෙදා හැරීමේ දී භාවිතා කරන කියුආර් කේත ක්‍රමය මත පසුගිය කාලයේ මෙන් ඉන්ධන තොග රහසිගත ලෙස සඟවා තබා ගැනීමටත් නොහැකි වීම මත පිරිමැසුම්දායක පරිභෝජනය සඳහා මෙම ඉන්ධන තොග යම් තරමකට හෝ ඉවහල් කර ගත හැකි වනු ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.මීට අමතරව බොර තෙල් නැවක් ද ඉදිරියේ දී දිවයිනට පැමිණීමට නියමිත ය.

කාලීන පුවත්