ඉදිරි පස් මස තුළ ලංකාවේ ආහාර අර්බුදය තවත් නරක අතට

දැනට පවත්නා ආහාර අර්බුදය ඔක්තෝබර් සිට 2023 පෙබරවාරි මස දක්වා කාලය තුළ තවත් නරක අතට හැරෙනු ඇතැයි එක්සත් ජාතීන් අනතුරු අඟවා තිබේ.අහාර හා කෘෂිකර්ම සංවිධානය මෙන්ම, ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවා සිටියේ කෘෂිකාර්මික නිෂ්පාදනය දුර්වල වීම, මිල ඉහළ යාම සහ පවතින ආර්ථික අර්බුදය මධ්‍යයයේ ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිත භාවය නරක අතට හැරෙනු ඇති බවටයි.ජනගහනයෙන් සියයට 30කට ආසන්න ප්‍රමාණයක් උග්‍ර ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන අතර, හදිසි ආධාර ලබා නොදුනහොත් තත්ත්වය තවත් පිරිහීමට ඉඩ ඇතැයි එක්සත් ජාතීන් ගේ සංවිධානය අනතුරු හඟවා තිබේ.

කාලීන පුවත්