ඉදිරි මාස 06 අන්තිම දරුණුයි – මහ බැංකු අධිපති

ඉදිරි මාස 06 තුළ කිසිවෙකුටවත් උද්ධමනය 30%ට 40%ට වඩා පහළට ගෙන ආ නොහැකි බවත්, ඉතිහාසයේ අප මෙතෙක් අත්දුටු ඕනෑම වසරකට වඩා වැඩි අගයකින් ආර්ථිකය හැකිළෙනු ඇති බව අපේක්ෂා කරන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

රටේ ආර්ථික ක්‍රියාකාරකම් සීමාවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ අදහස් පළකළේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ, පුවත්පත් සමාජය විසින් සංවිධානය කළ සංසදයකට එක්වෙමිනි.

“විශේෂයෙන්ම රජය සහයෝගයක් ලබා නොදුන්නොත්, අඩු ආදායම්ලාභී දුප්පත් ජනතාවට ඔවුන්ගේ ආදායමින් ජීවත්වීම අපහසු වෙනවා. ඔබට දකින්නට ලැබේවි මෙරට දරිද්‍රතා මට්ටම් ඉහළ යනවා. වැඩිදෙනෙක් දරීද්‍රතා මට්ටමට වඩා පහළට වැටේවි. ආර්ථිකය හැකිළෙන අවස්ථාවක වැඩිදෙනෙකුට රැකියා අහිමිවන ආකාරය අපට දකින්න ලැබේවි.”

කාලීන පුවත්