ඉදිරි මාස තුනේ විදුලිය කප්පාදුවක් ගැන අනතුරු ඇඟවීමක්

ඉදිරි මාස තුන තුළ විදුලිය කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය බව ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇති බවත් විදුලිය පරිභෝජනය අවම කර ගැනීම ජනතා සහාය නොලැබුණහොත් ඒ සඳහා අවසර දීමට සිදුවන බවත් එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.ඉදිරියේ දීත් අඛණ්ඩ විදුලි සැපයුමක් අවශ්‍ය නම් සවස 6 සිට රාත්‍රී 10 දක්වා කාලයේදී වැඩිපුර විදුලිය අවශ්‍ය වන උපකරණ භාවිතයෙන් වැළකී සිටීම ව්‍යාපාරික ස්ථාන වල වායු සමීකරණ අඩුම තරමින් පැය හතරක කාලයක්වත් විදුලි ජනන යන්ත්‍ර මඟින් බල ගැන්වීම, ව්‍යාපාරික ස්ථාන වල නාම පුවරු,සහ රාත්‍රිය පුරා දැල්වෙන අලංකරණ විදුලි පහන් පහන් නිවා දැමීම කෙරෙහි ද ජනතා අවධානය යොමු විය යුතු පවසන සභාපති වරයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ එවන් ජනතා සහය නොලැබීම මත.ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලීම අනුමත කරනු මිස අන් විකල්පයක් කොමිසම සතුව නොමැති බව ය.

කාලීන පුවත්