දැනට පවත්නා ඉන්ධන අර්බුදය කළමණාකරණය කිරීමට නොහැකි වුව හොත් ලබන සතියේ සිට සති දෙකක කාලයක් පාසල් සහ පොදු කාර්යාල සේවාවන් සඳහා ඔන්ලයින් ක්රමය හඳුන්වා දීමට රජය සලකා බලමින් සිටින බවත් ඒ ගැන තවමත් අවසන් තීරණයක් ගෙන නැති බවත් වාර්තා වෙයි.මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ පවතින උග්ර ඩීසල් හිඟය හමුවේ පෞද්ගලික බස් රථ ධාවනය මේ වන විට මුළුමනින්ම අඩාල වී ඇති බවකි.