ඉදිරි සතිය අවදානම් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

සෞඛ්‍ය පිළිවෙත්වලට ජනතාව අනුගතව කටයුතු නොකළ හොත් ඉදිරියේදී රට යළි සෞඛ්‍ය අවදානමකට ලක්විය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

සංචරණ සීමා නොතකමින් ඉකුත් සති අන්තයේදී බොහෝ පිරිස් විවිධ ප්‍රදේශයන්හි සංචාරවල නිරත වී සිටිනු දක්නට ලැබුණු බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

මෙරට කොරෝනා ආසාදිතයින් අඩුවීම සෑහීමකට පත්විය හැකි මට්ටමකට පැමිණ නොමැති බැවින් ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ජනතාවගේ වගකිම් විරහිත හැසිරීම් රටාව හමුවේ පොදු ප්‍රවාහන සේවා ආරම්භය තවදුරටත් කල්දැමිය යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

 

කාලීන පුවත්