ඉදිරියේ දී ඖෂධ හිඟයකුත්

දැනට පවත්නා ඩොලර් හිඟය මත ඉදිරියේදී රට තුළ ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බව රජයේ ඖෂධවේදීන්ගේ සංගම් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි එබැවින් ණය වර සඳහා ගෙවීම් කිරීමේදී මෙරටට ආනයනය කරනු ලබන ඖෂධ සඳහා ප්‍රමුඛතාව ලබාගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය වෙත ලිපියක් නිකුත් කොට තිබේ. රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී තිලකරත්න මහතා පවසනුයේ ඖෂධ ආනයනය සඳහා නිකුත් කළ ණයවර ලිපි සඳහා ගෙවීම් කිරීමට ප්‍රමුඛතාවය හිමි නොකළ හොත් ඉදිරියේ දී රට තුළ ඇති වන ඖෂධ හිඟයක් මඟින් රෝගීන්ගේ ජීවිත අනතුරකට පත් වීමේ අවදානමක් පැන නඟින බවකි.

කාලීන පුවත්