ඉන්දියානු ණය වැඩපිළිවෙලේ අවසාන ඉන්ධන නැව ලබන 16 වැනිදා ලංකාවට පැමිණෙන බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි.ඒ අතර රටට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට ඉන්දියාව සමඟ සාකච්ඡා කර ගෙන යන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.මීට අමතරව ඉදිරියේ දී එළඹෙන ඉන්ධන අර්බුදයට විසඳුම් වශයෙන් පාසල් සහ රජයේ කාර්යාල පැවැත්වෙන දින ගණන් සීමා කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමු ව තිබේ.