ඉන්දියානුවන් ඇතුළු විදෙස් සංචාරකයන් වැඩි පිරිසක් මෙරටට සැප්තැම්බර් මස මුල් දින 6 තුළ පමණක් මෙරටට පැමිණි ඉන්දීය සංචාරකයින් 6,188 ද සමඟ මෙම වසරේ මේ දක්වා කාලය තුළ විදේශ සංචාරකයන් ලක්ෂ 9 කට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.මෙම මස 6 වැනිදා වන විට මෙම වසරේ මෙරටට පැමිණි සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 927,214 ක් බවත් මෙම මස පළමු දින හය තුළ පමණක් සංචාරකයන් 22,896 ක් පැමිණ ඇති බවත් එම අධිකාරිය කියයි.අගෝස්තු මාසයේදී සංචාරකයන් 136,405 ක් පැමිණ ඇති බව කියන සංචාරක සංවර්ධන අධිකාරිය මෙය මෙරට සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් ඉතා සාධනීය තත්වයක් බව ද පෙන්වා දෙයි.මේ අතර නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මේ වන විටත් නීත්‍යානුකූල හා නීත්‍යානුකූල නොවන අන්දමින් ඉන්දීය ජාතිකයන් සැලකිය යුතු ප්‍රමාණයක් මෙහි රැඳී සිටින අතර ඔවුන් ගෙන් ඇතැමකු ශ්‍රී ලාංකේය කතුන් විවාහ කර ගැනීම සම්බන්ධයෙන් ද වැඩි උනන්දුවක් පළ කරති. වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ඉන්දු-ලංකා ගිවිසුම් මඟින් තමනට ශ්‍රී ලංකාව තුළ වැඩි වරප්‍රසාද අත්වන බවට මතයක් ඉන්දියානුවන් අතර පැතිර පවතින බව ද දැනගන්නට ඇත.