පසුගිය දෙසැම්බර් සිට ඉදිරි මාර්තු තෙක් අපනයනය නවතා තිබූ ඉන්දියාවේ වගා කෙරෙන ලොකු ලූනු නැවතත් අපනයනය කිරීමට එරට රජය තීරණය කර තිබේ. මේ අනුව නැවතත් ඉන්දියානු ලොකු ලූනු මෙරටට ගෙන්වීමට අවස්ථාව සැලසෙන අතර ඒ අනුව මිල ගණන් ද පහළ යනු ඇතැයි වෙළඳ පළ ආරංචි මාර්ග සඳහන් කරයි. මුලින් සීමිත තොග ප්රමාණයක් ඉන්දියානු රජය විසින් විදේශ රටවල් වෙත ද්විපාර්ශ්වික අරමුණු කර ගනිමින් අපනයනය කිරීමට තීරණය කර ඇති අතර ලොකු ලූනු අපනයනය කිරීම නවතාලීමට ගෙන තිබූ තීරණය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට තීරණය කර නොමැත. මේ අනුව ශ්රී ලංකාව හැරුණු විට බංග්ලාදේශය, මොරිෂස්, බහරේන්, බූටානය සහ නේපාලය යන රටවලට නැවතත් ලොකු ලූනු තොග යැවීමට නියමිතය.ඉන්දියාව ලෝකයේ දෙවැනි විශාලම ලොකු ලූනු අපනයනකරු ය.