ඉන්දියාව ශ්‍රී ලංකාවට සුවිශේෂ උදව් කිරීම ජාත්‍යන්තර අවධානයට

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවට සුවිශේෂ සහයෝගයක් ලබා දීම පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.මේ වන විට ආර්ථික වශයෙන් තනිව නැඟී සිටීමට අසීරු මට්ටමක පවතින ශ්‍රී ලංකාවට අවශ්‍ය බොහෝ ආධාර ලබා දීම නොමසුරුව ලබා දීම සම්බන්ධයෙන් IMF සහ එක්සත් ජනපදය ඉන්දියාවට ප්‍රශංසා කොට තිබේ. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආර්ථික හා ව්‍යාපාරික කටයුතු කාර්යාංශයේ සහකාර ලේකම් රමින් ටොලූයි ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව ශ්‍රී ලංකාව සඳහා මූල්‍ය සහතික ලබාදීමේදී “සැබෑ නායකයකු” සේ කටයුතු කොට ඇති බවයි. මීට පෙර, ජනවාරි මැද භාගයේදී ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් අතරතුර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් මහතා පැවසුවේ, “අන් අය එනතුරු බලා නොසිට, අපි නිවැරදි යැයි විශ්වාස කරන දේ කිරීමට තීරණය කළෙමු” යනුවෙනි. ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය සඳහා ඉන්දියාව සැමවිටම උපකාර කළ බවද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.නමුදු ඉන්දියාවේ මෙම ඉදිරිපත් වීම භූ දේශපාලනමය න්‍යායනට අනුව විමසා බැලීමේ දී ඒ සම්බන්ධයෙන් සිතීමට බොහෝ දේ ඇතැයි ඇතැම් දේශපාලන විචාරකයෝ කියති.

කාලීන පුවත්