ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන මස මැද දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව මෙරට අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කළ ආරාධනාවකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරය කරන බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය කියා සිටියි.ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක් සඳහා පැමිණෙන්නේ බිම්ස්ටෙක් සමුළුවට සහභාගීවීමට බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ගත් කළ ඉන්දීයාව ඉතිහාසයේ පටන්ම ලංකාවට බලපෑම් කළ රාජ්‍යයකි.අප රටට බුදු දහම මුල් කොට ගත් දැහැමි ශිෂ්ඨාචාරයක් හිමි වූයේ ද ඉන්දීය බලපෑමෙනි.එමෙන්ම ඉතිහාසය පුරාම මෙරටට අක්‍රමණ එල්ල වූයේ ද ඉන්දියාවෙනි. මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ භූ දේශපාලනයේ තීරණාත්මක සාධකය වූයේ ද ඉන්දියාව ය. මෙරට දේශපාලන පාලකයා විය යුත්තේ කව්දැයි තීරණය කළේ ද ඉන්දියාව ය. වසර 30 ක යුද්ධයේ ආරම්භකයා මෙන්ම එය අවසන් කීරීමේ සහයකයා වූයේ ද ඉන්දියාව ම ය.
මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මුණ ගැසීමට දෙවරක් උත්සාහ කළ ද එය ව්‍යවර්ථ විය. විදේශ ඇමති ජී.එල් පීරිස් ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මුණ ගැසීමට කළ උත්සාහය ද සාර්ථක වූයේ නැත. මේ සියළු කරුණු කාරණා පවතිද්දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණෙන බව ප්‍රකාශ කිරීම ද සුවිශේෂි කාරණයකි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණෙන බවට දැනුම් දී ඇත්තේ පලාලි අන්තර්ජාතික ගුවන් තොටුපොළ හරහා ය. යහපාලන රජය සමයේ ඉන්දියාවේ ණය ආධාර යටතේ පලාලි ගුවන් තොටුපොල ජාත්‍යන්තර ගුවන්තොටුපොලක් ලෙස සංවර්ධනය කළේ ය. එය එකල විවෘත කරනු ලැබූවේ ද ඉන්දියාවේ සහභාගීත්වයෙනි.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ජාත්‍යන්තර ගුවන් ගමන් සිදුවිය යුත්තේ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොල හරහා බව ඉන්දියාව මීට පෙර දැනුම් දී තිබුණි. එසේම පලාලි ගුවන් තොටුපොල හා ඉන්දියාව අතර ගුවන් ගමන් සදහා ගුවන් සේවයක් ද යෙදවීමට ඉන්දියාව කටයුතු කර තිබේ. මේ සියළු කාරණා තිබියදී කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල භාවිතයට නොගෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සෘජුව පලාලි ගුවන් තොටුපොලට පැමිණීම ගැන ජාත්‍යන්තර විශ්ලේෂකයෝ සැක පහළ කරති.
ඉන්දීය ශ්‍රී ලංකා මිත්‍රත්වය සම්බන්ධයෙන් යම් අදහසක් ලබා දීම වෙනුවෙන් මෙසේ පලාලි ගුවන් තොටුපොල භාවිතා කරන බව තවත් පිරිසක් පෙන්වා දෙති. එසේම උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් ඉන්දියාවේ මැදිහත්වීම පෙන්වාදීමට මෙලෙස ක්‍රියාකරන බව තවත් පිරිසක් කියා සිටිති. උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් ඉන්දියාව ඉතිහාසය පුරාම පෙනී සිටියේය. ඊට හේතුව වූයේ තමිල්නාඩුවේ බල අරගලයය.
තමිල්නාඩුව දිනා ගැනීම වෙනුවෙන් ඉන්දීය මධ්‍යම රජය ශ්‍රී ලංකාවට බලපෑම් කිරීම ඉතිහාසය පුරාම දක්නට ලැබුණකි. ශ්‍රී ලංකාවට උදව් කිරීමට ප්‍රථම ඉන්දියානු මධ්‍යම රජය සැමවිටම උතුරේ දෙමළ දේශපාලඥයන්ගේ අදහස් විමසයි. රාජපක්ෂ පාලනය යටතේ දෙමළ ජනතාවට නිදහසක් නොමැති බව තමිලානාඩුව මෑතකදී ද පෙන්වා දුන්නේය.
මේ වන විට තමිල්නාඩු මහ ඇමති ධූරය දරන්නේ කරුණානිධිගේ පුත් ස්ටැන්ලි ය. ඔහු සිය පියා සමඟ දේශපාලනය කළ අතර කරුණානිධි මහ ඇමති ධූරය දරද්දී පවා ස්ටැන්ලි ද ඇමතිධූර දරා තිබුණි. ඔහු නියෝජනය කරන්නේ ද පියාගේ මතවාදයයි. එම මතවාදයට ඉන්දීය මධ්‍යම රජය ද සහය පළකරයි. එම නිසා ඔවුන් සතුටු කිරීම වෙනුවෙන් මෝදි අග්‍රාමාත්‍යවරයා මෙලෙස පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොල හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙනුයේ ඉන්දියානු ආධාර යටතේ යාපනයේ ඉදි කොට ඇති සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමත් සමඟ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත. යාපනය සහ ඉන්දියාවේ තමිල්නාඩුව අතර ඇති සම සංස්කෘතික සබඳතා හුවා දැක්වීමට වෙර දර පිරිස් ද වෙති.එහෙත්,යාපනයේ පාරම්පරික වැසියන් බොහොමයකගේ පොදු මතය ඉන්දියාවේ තමිල්නාඩුව සමඟ සම සංස්කෘතික තත්වයක් පෙන්නුම් කරනුයේ යාපන වැසියන් නොව ශ්‍රී ලංකාවේ වතු කම්කරු ජනතාව බව ය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට අවශ්‍ය නම් කටුනායක ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට පැමිණ එම විවෘත කිරීම සඳහා ගුවන් මඟින්ම යාමට අවකාශ තිබුණි. එයට වැය වන්නේ පැයකටත් වඩා අඩු කාලයකි. එහෙත් ඔහු එසේ නොකර සෘජුව පලාලි හරහා පැමිණීමෙන් දේශපාලන පණිවුඩයක් දී ඇති බව නම් පැහැදිලිය.
ශ්‍රී ලංකාව මේ වන විට බල කඳවුරු දෙකක සිරවී සිටියි. එකක් චීන බල කඳවුරය. අනෙක ඉන්දියාව ඇමරිකාව ප්‍රධාන බල කඳවුරය. වත්මන් රජය මේ බලකඳවුරු දෙක සමඟ සමානව ගණුදෙනු කිරීමේ අපොහොසත් ව සිටියි. එම නිසා වත්මන් රජය සමඟ ඉන්දියාව මෙන්ම චීනය ද අමනාපව සිටින බව නම් පැහැදිලි ය.
අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකාව පත්ව සිටින දැඩි මූල්‍ය අර්බුදයට විසදුම් සෙවීම වෙනුවෙන් ඉන්දියාවෙන් හා චීනයෙන් යන දෙපාර්ශවයෙන්ම ආධාර ඉල්ලා සිටියත් ඔවුන් එය ලබාදෙන්නේ ඔවුනට වාසි සහගත අයුරින් පමණකි.
ලංකාව ඩොලර් ඉල්ලද්දී ඉන්දියාව සිය ණය අධාර ක්‍රමය යටතේ තෙල් ලබා දෙයි. චීනය ඩොලර් වෙනුවට යුවාන් ලබාදීමට එකඟ වී සිටියි.මෙය හරියට ගමේ සිල්ලර කඩයෙන් ණය පොතට බඩු ගැනීමක් මෙනි.
මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ අපේ විදේශ ප්‍රතිපත්තියේ ඇති අසමතුළිත බව හා දුර්වලතාවයයි. මෝදිගේ ලංකා ගමනයේ සැබෑ විස්තරය දැක ගැනීමට හැකි වන්නේ ඔහු මෙරටට පැමිණි පසුවය.
ලසන්ත වීරකුලසූරිය