බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය ගායිකාවක වන අල්කා යාග්නික් දුර්ලභ ගණයේ ශ්රවනාබාධයකට ලක්ව, බිහිරි තත්ත්වයට පත්ව ඇති බව ප්රමුඛ පෙළේ ඉන්දීය මාධ්‍ය ගණනාවක්ම වාර්තා කරයි. මිලියන ගණනක් වූ ඇගේ රසික කැල මේ ප්‍රවෘත්තියත් සමග මහත් කම්පනයකට පත්ව සිටිති. ඇය මේ බව සිය ඉන්ස්ටග්රම් ගිනුමේ මෙසේ සටහනක් තබා තිබිණි.
වෛද්‍යවරු පවසන්නේ වයිරසයක් හේතුවෙන් ඇති වූ දුර්ලභ ගණයේ රෝගයක් නිසා මා බිහිරි බවට පත්ව ඇති බවයි. ඒ වගේම රසික රසිකාවියන්ට විශේෂයෙන්ම සඳහන් කරන්නට කැමතියි අධික ශබ්දයට නිරාවරණයවීමේදී පරිස්සම් වෙන්න කියලා. මේක මා නොදැනුවත්ව, අහම්බෙන් සිදු වූ දෙයක්. මේ තත්ත්වයෙන් මිදී, හැකි ඉක්මනින් ඔබ හමුවන්නට එනවා. මේ තීරණාත්මක මොහොතේ ඔබේ සහයෝගය මෙන්ම ආශීර්වාදය ද මා බලාපොරොත්තු වෙනවා.”
“මගේ ආදරණීය රසික රසිකාවියනි, හිතමිතුරනි,
සති කිහිපයකට පෙර ගුවන් ගමනක් අවසන් වී පිටව යන විට මට කිසිවක් නෑසෙන බව එකපාරටම දැනෙන්න පටන් ගත්තා.
මේ බව ප්‍රසිද්ධියට පත් නොකර සති කිහිපයක් සිතේ සිර කර ගෙන සිටියත්, මා කිසිම තැනක පෙනෙන්නට නොසිටීම ගැන මගේ රසික රසිකාවියන් දිගින් දිගටම ඇසූ නිසා අවසානයේ ඒ ගැන හෙළි කරන්නට මා තීරණය කළා.
වෛද්‍යවරු පවසන්නේ වයිරසයක් හේතුවෙන් ඇති වූ දුර්ලභ ගණයේ රෝගයක් නිසා මා බිහිරි බවට පත්ව ඇති බවයි. ඒ වගේම රසික රසිකාවියන්ට විශේෂයෙන්ම සඳහන් කරන්නට කැමතියි අධික ශබ්දයට නිරාවරණයවීමේදී පරිස්සම් වෙන්න කියලා. මේක මා නොදැනුවත්ව, අහම්බෙන් සිදු වූ දෙයක්. මේ තත්ත්වයෙන් මිදී, හැකි ඉක්මනින් ඔබ හමුවන්නට එනවා. මේ තීරණාත්මක මොහොතේ ඔබේ සහයෝගය මෙන්ම ආශීර්වාදය ද මා බලාපොරොත්තු වෙනවා.”
1966 මාර්තු 20 වැනිදා බටහිර බෙංගාලයේ, කොල්කොටා හි උපන් අල්කා යාග්නික්, සම්මාන ගණනාවකට ම හිමිකම් කියා ඇති, ප්‍රධාන වශයෙන් චිත්‍රපට පසුබිම් ගායනයට දායක වූ ගායිකාවකි. දශක හතරක් තිස්සේ චිත්‍රපට දහසකටත් වඩා පසුබිම් ගායනයෙන් දායක වී ඇති ඇය, භාෂා 25 කටත් වඩා වැඩි ගණනකින් ගීත 21,000 කටත් වඩා ගායනා කොට ඇති බව සඳහන්ය. ඇගේ ගීත දහයක් බී බී සී ගුවන් විදුලියේ ලොව ජනප්‍රියම ගීත ලැයිස්තුවට ද ඇතුළත් ව තිබිණි. 2023 ජනවාරි මාසය වන විට යූටියුබ් හි අංක එකේ සංගීත ලැයිස්තුවේ පසු වූයේ ඇයය. යූටියුබ් ඔස්සේ සජීවී ගායනා වැඩිම ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමේ ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ ද ඇයය.
දැනට ලැබී ඇති ආරංචි මාර්ගවලට අනුව ඇය පත්ව ඇති බිහිරි තත්ත්වය හඳුන්වනු ලබන්නේ Sensorineural hearing loss – SNHL නමිනි. මෙය ‘ස්නායුක බිහිරිභාවය’ යනුවෙන් හැඳින්වනු ලබයි. මෙය ඇති වන්නේ ඇතුළු කණ, ශ්‍රව්‍ය ස්නායුව හෝ මොළය හෝ යම් හානි තත්ත්වයකට පත්වීමෙනි.
ඔබ හින්දි ගී රසිකයෙක් නම් ටිප් ටිප් බරසා පානි (මොහ්රා චිත්‍රපටය), ඒ මෙරේ හම්සෆර් (ක්යාමත් සේ ක්යාමත් තක් චිත්‍රපටය) , චෝලී කේ පීචේ (ඛල්නායක් චිත්‍රපටය), ඒක් දෝ තීන් (තේසාබ් චිත්‍රපටය), අයිසි දීවාන්ගනී (දීවානා ච්ත්‍රපටය), තුම් පාස් ආයේ (කුච් කුච් හෝතා හේ චිත්‍රපටය) ආදිය ඔබේ මතකයට නැගෙනවා නොඅනුමානය.
අල්කා යාග්නික් හට සැබවින්ම වැළඳුණු රෝගී තත්ත්වය කුමක්ද?
දැනට ලැබී ඇති ආරංචි මාර්ගවලට අනුව ඇය පත්ව ඇති බිහිරි තත්ත්වය හඳුන්වනු ලබන්නේ Sensorineural hearing loss – SNHL නමිනි. මෙය ‘ස්නායුක බිහිරිභාවය’ යනුවෙන් හැඳින්වනු ලබයි. මෙය ඇති වන්නේ ඇතුළු කණ, ශ්‍රව්‍ය ස්නායුව හෝ මොළය හෝ යම් හානි තත්ත්වයකට පත්වීමෙනි. වෛද්‍ය වාර්තාව මේ පිළිබඳ විස්තර කර ඇති ආකාරයට අනුව කර්ණ ශංඛය තුළ stereocilia නමින් කෙඳි (පක්ෂ්ම) විශේෂයක් ඇති අතර ශබ්ද තරංගවලින් ලැබෙන කම්පන, ශ්‍රවණ සංඥා බවට හරවා ශ්‍රව්‍ය ස්නායුව ඔස්සේ මොළයට යැවීමේ වගකීම පැවරී ඇත්තේ මේ පක්ෂ්මවලටය. ඩෙසිබල් 85 ට වැඩි ශබ්දවලට නිරාවරණය වීමේදී මේ පක්ෂ්ම බිඳී යාම හෝ හානියට පත්වීම සිදුවේ. මේ පක්ෂමවලින් 30 – 50% අතර සංඛ්‍යාවක් හානියට පත් වන තුරු මෙය දැනෙන්නේ නැත. මේවා හානියට පත්වීමේ අවසන් ප්‍රතිඵලය බිහිරි තත්ත්වයයි. අල්කා යාග්නික් සිය ඉන්ස්ටග්රම් සටහනෙහි වෛරස් පිළිබඳ කාරණයක් සඳහන් කළ ද සැබවින්ම ඇය කාලයක් තිස්සේ විවිධ සංදර්ශනවලදී අධික ලෙස ශබ්දයට නිරාවරණය වීම මේ තත්ත්වයට හේතු වී ඇති බව වෛද්‍ය වාර්තා සඳහන් කරයි. මේ තත්ත්වයේ දී ශබ්ද ඇසෙන නමුත් කිසිවක් පැහැදිලිව වෙන් කර හඳුනාගත නොහැකි තත්ත්වයට පත් වේ. ගායන ශිල්පියකුට හෝ ශිල්පිනියකට මෙවැනි තත්ත්වයක් හේතුවෙන් ගායනා කිරීමේ හැකියාව සහමුලින්ම අහිමිව යයි.
වයස හෝ ප්රවේණිගතව මේ ස්නායුක බිහිරිභාවය ඇති වන්නේ නම් සුව කිරීම පිළිබඳ විශ්වාසයක් තබා ගත නොහැකි වුව ද, අධික ශබ්දය හෝ පාරිසරික තත්ත්වයන් හේතුවෙන් මෙය ඇති වූයේ නම් සුව කර ගැනීමේ යම් අවස්ථාවක් පවතින බව වෛද්‍යවරු පවසති.
අල්කා යාග්නික් පිළිබඳ මේ දුක්මුසු ප්‍රවෘත්තිය සැල වූ විගස ක්ෂේත්රයේ සගයින් ඇයට ඉක්මන් සුව පතමින් පණිවිඩ නිකුත් කර තිබිණි. තවත් වසර ගණනාවක් හින්දි ගීයෙන් අප සවන් මනමත් කරවිය යුතු ඇගේ හඬ නැවත අසන්නට මුළු ලොවටම වාසනාව හිමි වේවා කියා අපි ද ප්‍රාර්ථනා කරමු.
නිරංජන් චාමින්ද කරුණාතිලක