ඉන්ධන කෝටාව අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

එළඹෙන අලුත් අවුරුදු සමය හේතුවෙන් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව ඉහළ දමන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව පෙර සැලසුම් කළ පරිදි වැඩි කළ ඉන්ධන කෝටාව සඳහා අවශ්‍ය තරම් ඉන්ධන ඛණිජ තෙල් ව්‍යවස්ථාපිත සංස්ථාව විසින් ඇණවුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව ඉන්ධන කෝටාව ඉහළ දමා ඇති ආකාරය පහතින් දැක්වේ.

ත්‍රිරෝද රථ සඳහා පෙට්‍රල් ලීටර් 8ක් දක්වා,
යතුරුපැදි සඳහා පෙට්‍රල් ලීටර් 7ක් දක්වා,
බස් රථ සඳහා ඉන්ධන ලීටර් 60ක් දක්වා,
මෝටර් රථ සඳහා ඉන්ධන ලීටර් 30ක් දක්වා,
ඉඩම් වාහන සඳහා ඉන්ධන ලීටර් 25ක් දක්වා,
ලොරි රථ සඳහා ඉන්ධන ලීටර් 75ක් දක්වා,
විශේෂ කාර්ය වාහන සහ වෑන් රථ සඳහා ඉන්ධන ප්‍රමාණය ලීටර් 20 සිට 30 දක්වා ඉහළ දමා තිබේ.

කාලීන පුවත්