ලබන ජූනි මුල මාසයේ සිට ඉන්ධන කෝටාව දෙගුණයකින් ඉහළ දැමීමට හැකිවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. නමුත් පසුගිය කාල සීමාව තුළ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඉහළ අගයක් ගැනීමේ වාසිය ද පාරිභෝගිකයන්ට ලබා දිය යුතු වන අතර ඇමති වරයා පවසනුයේ සියළු කාරණා සැලකිල්ලට ගෙන ඉදිරි ඉන්ධන මිල සංශෝධනයේ දී ඒ පිළිබඳව සළකා බැලීමට ජනාධිපති වරයා ගෙන් උපදෙස් ලැබී ඇති බවකි.