අද (26) අලුයම 2.00 සිට ක්රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් සංස්ථා ඉන්ධන මිල ඉහළ දමා තිබේ.ඒ අනුව පෙට්රල් (ඔක්ටේන් 92) ලීටරයක් රුපියල් 470 දක්වා රු.50 කින් ද , පෙට්රල් (ඔක්ටේන් 95) රු.550 දක්වා රුපියල් 100 කින් ඉහළට දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.ඔටෝ ඩීසල් රු.60 කින් රු.460 දක්වා ඉහළ දමා ඇති අතර සුපර් ඩීසල් ලීටරයක් රු.520 දක්වා රුපියල් 75 ඉහළ දමා ඇත.ලංකා IOC සමාගම ප්රකාශ කළේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ඉහළ දැමීමට සාපේක්ෂව තම ඉන්ධන මිල ගණන් ද ඉහළ දැමූ බවයි.